ජාතික පිළිකා මර්දන වැඩසටහන වෙත සාදරයෙන් පිළිගමු
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන ශ්‍රී ලංකාවේ පිළිකා මර්දන ක්‍රියාකාරකම් සඳහා වන ජාතික ප්‍රතිචාරය සම්බන්ධීකරණය කරන ප්‍රධාන රාජ්‍ය ආයතනය වේ. ......
අපේ දැක්ම
වළක්වාගත හැකි පිළිකා අවම වූ, පිළිකා නිසා අති වන ආබාධිත තත්වයන් හෝ පීඩාවන් අල්පවූ ගුණාත්මකවූ ඉහළ ජීවත් වීමේ හැකියාවක් සහිත මිනිසුන්ගෙන් අනූනවූ රටක්.
අපේ මෙහෙවර
පිළිකා හේතුකාරක මර්දනය හා එයට විරුද්ධව සටන්කිරීම හා පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ ක්‍රමවේදයන් සුරක්ෂිත කිරීම මගින් පිළිකා ඇතිවීම අවම කිරීමත්, සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් තුළින් රෝග නාශක ප්‍රතිකාරයේ සිට හා ජීවිතයේ අවසාන භාගය දක්වා සැමට එක සේ විවරවූත් පරිපූර්ණවූත් අඛන්ඩ සාත්තු සේවයක් ලබාදීම සහතික කිරීම.
“ආයු ප්ලස්” (Aayu plus) සමාජ ජාලා ලොවට හදුන්වා දීමේ වැඩසටහන
“ආයු ප්ලස්” (Aayu plus) සමාජ ජාලා ලොවට හදුන්වා දෙන අලුත්ම වැඩසටහනයි. Face book, WhatsApp, Instagram වැනි සමාජ ජාලා හරහා ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත්, එය භාවිතා කරන ජනතාවට අලුත් අද්දැකීමක් ලබාදෙනු ඇත. “ආයු ප්ලස්” , පිළිකා වැළැක්වීම, කලින් හදුනා ගැනීම, ප්‍රතිකාර වලට යොමුවීම සහ සහන සත්කාර සේවාවන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම මෙමගින් සිදුකරනු ඇත.“ආයු +” අනුව ජනතාවගේ ආයුකාලය වැඩිකිරීමට අමතරව ඔවුන්ගේ ගුණාත්මක ජීවිතයක් නගා සිටුවීම මෙහි ඉලක්කය වේ.
- “ආයු ප්ලස්” ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න
- aayu.plus වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
- NCCP ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න
- Cancer Early detection ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න