ඉතිහාසය

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ඉතිහාසය


ශ්‍රී ලංකාවේ පිළිකා මරණ හා රෝගාබාධ පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයකින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ නිර්දේශ මත 1980 දී ජාතික පිළිකා මර්දන වැඩසටහන ආරම්භ කරන ලදී.

රටේ පිළිකා වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ජාතික මධ්‍යස්ථානය වන්නේ ජාතික පිළිකා මර්දන වැඩසටහනයී. පිළිකා වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ප්‍රතිපත්ති, උපදෙස්, අධීක්ෂණය සහ ඇගයීම සහ පිළිකා පිළිබඳ නිරීක්ෂණයක් පැවැත්වීම සහ පිළිකා සම්බන්ධ පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම ද එහි වගකීම වේ.

ශ්‍රී ලංකාවේ පිළිකා මර්දන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන, ජාතික මට්ටමේ ආයතන (උදා: පවුල් සෞඛ්‍ය කාර්යාංශය) සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ සමඟ ජාතික පිළිකා මර්දන වැඩසටහන සම්බන්ධීකරණය කරයි.


ප්‍රධාන සන්ධිස්ථාන

  • 2012 - ප්‍රථම වතාවට කොළඹ දිස්ත්‍රික්කයේ පිළිකා පදනම් කරගත් ලේඛනයක් ප්‍රකාශයට පත් කරන ලදි.
  • 1989 - කොළඹෙන් පිටත පළමු පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවන ලදී
  • 1985 - පළමු ජාතික පිළිකා දත්ත ලේඛනය ප්‍රකාශනය කරන ලදී
  • 1980 - ජාතික පිළිකා මර්දන වැඩසටහන (NCCP) ආරම්භ කරන ලදී