පිළිකා සමීක්ෂණ ඒකකය

පිළිකා සමීක්ෂණ ඒකකය

අංශ ප්‍රධානී - විශේෂඥ ප්‍රජා වෛද්‍ය

ශ්‍රී ලංකාවේ පිළිකා සත්කාර සේවා වැඩිදියුණු කිරීම හා ඉහළ නැංවීම සඳහා සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පිළිකා සම්බන්ධ සමීක්ෂණ පැවැත්වීම මෙම ඒකකයේ වගකීම වේ.


යොමුකිරීමේ අනුදේශ

  • තොරතුරු පදනම් කරගත් වර්තමාන දේශීය සාක්ෂි ලබා දීමෙන් යාවත්කාලීන ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග, මාර්ගෝපදේශ, ප්‍රොටෝකෝල සහ රාමු සංවර්ධනය කිරීම හා නිතිපතා යාවත්කාලීන කිරීම සඳහා අදාළ ජාතික කමිටු සහ තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායම් තුළ වැඩ කිරීම සහ සහාය දීම.
  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිකා සමීක්ෂණ මාතෘකා හඳුනා ගැනීම.
  • එක් එක් ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම, සමීක්ෂණ සංවිධාන සහ පිළිකා සත්කාර රෝහල් සහ පිළිකා ආශ්‍රිත සමීක්ෂණ තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
  • ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ අනෙකුත් සෞඛ්‍ය ප්‍රජාව අතර පිළිකා සමීක්ෂණ ප්‍රවර්ධනය කිරීම හා ජනප්‍රිය කිරීම සම්බන්ධ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • පිළිකා වැළැක්වීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණ විගණන / ව්‍යාපෘති මෙහෙයවීම, සහ / හෝ සමීක්ෂණ හෝ විගණන සිදු කිරීම.
  • පිළිකා වැළැක්වීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණ සැලසුම් කිරීම, කළමනාකරණය සහ එය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අවස්ථාවන්හි විශේෂඥ දැනුම ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පිළිකා ආශ්‍රිත සමීක්ෂණ සම්පාදනය කිරීම සඳහා සමාලෝචන පැවැත්වීම.
  • වර්තමාන සමීක්ෂණ තොරතුරු ප්‍රතිපත්ති සම්පාදනයට බෙදා හැරීම.
  • පිළිකා වැළැක්වීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීම සඳහා සමීක්ෂණ සාක්ෂි භාවිතා කිරීම.
  • වෙනත් සමීක්ෂණ සංවිධාන හා අධ්‍යයන ආයතන සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම.
  • මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමීක්ෂණ ධාරිතාව වැඩි දියුණු කිරීම.
  • සමීක්ෂණ පැවැත්වීම සඳහා මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තාක්ෂණික දැනුම ලබා දීම.
  • මාර්ගෝපදේශ, ප්‍රමිති, ප්‍රොටෝකෝල ආදිය සංවර්ධනය කිරීම තුළින් පිළිකා සම්බන්ධ සෞඛ්‍ය සේවා සැපයීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස තාක්ෂණික දැනුම ලබා දීම.
  • පිළිකා සමීක්ෂකයන් පෙළඹවීම සඳහා පිළිකා සමීක්ෂණ සම්මන්ත්‍රණ,සමාජ සාකච්ඡා පැවැත්වීම.
  • විද්‍යාත්මක සම්මන්ත්‍රණ සඳහා වියුක්ත ඉදිරිපත් කිරීම් ප්‍රවර්ධනය කිරීම සහ පිළිකා මර්ධනයට අදාළව සම්පූර්ණ පෙළ ලිපි සඟරාවලට ලිවීම.
  • රටේ පිළිකා සමීක්ෂකයන් හා පිළිකා සමීක්ෂණ ඒකක සමඟ සම්බන්ධතා වර්ධනය කිරීම.